(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආනයනය කළ කුණු කන්ටේනර් නැවත හරවා යැවීමට ශ්‍රී ලංකා රජයෙන් තීරණය කළ පසු ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කලේ අදාළ අපද්‍රව්‍ය අතර මිනිස් සිරුරු කොටස්ද ඇති බවට තොරතුරු පවතින බවයි.
නීති විරෝධී අපද්‍රව්‍ය පාලනයට බ්‍රිතාන්‍ය අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවද එරට ප්‍රකාශිකාවක සඳහන් කර තිබේ.
කොළඹ වරායට පැමිණි අපද්‍රව්‍ය බහාලුම් 241 මහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණ ඇති බවට තහවුරු වී ඇත.








