FAST NEWS

24×7 Around the Globe

ගත වූ පැය 24 ට බීමත් රියදුරන් 201 ක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අද (24) අලූයම 06 න් අවසන් වූ ගත වූ පැය 24 තුලදී බීමත් රියදුරන් 201 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ දිපව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් පසුගිය 05 වනදා සිට ආරම්භ කෙරුණි.

එදින සිට මේ දක්වා කාලසීමාව තුලදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 5042 ක් බව එම කාර්යාලය කියයි.