(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සදහා නව නීතී හඳුන්වාදීම අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
මිනිසුන් ත්රස්තවාදීන් වීම වැළැක්වීම මෙන්ම ඉදිරියේදී ත්‍රස්ත කණ්ඩායම් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් යුතුව මෙම යෝජනාව ඉදිරිපත් කරන බව අදාළ පත්‍රිකාවෙන් සඳහන් කර තිබේ.
තාවකාලික සීමා කිරීම් / නියෝග / ත්‍රස්තවාදය දිරි ගැන්වීම තහනම් කිරීම හා නම් කරන ලද විදේශීය ප්‍රදේශයක සිටීම හා ජෛවමිතික දත්ත පාළනය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදාළ කැබිනට් පත්‍රිකාවේ සදහන්.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් අනතුරුව එක්සත් රාජධානිය ඇතුලු වෙනත් රටවල මේ සම්බන්ධ ඇති නීති අධ්‍යයනය කර ඒ පිළිබද අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කිරිමයි අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට පැවරි ඇති වගකිම වෙයි.








