(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24) මල්වතු මහා නාහිමියන් බැහැදැකීමට නියමිත අතර , ඉන් අනතුරුව මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන සාකච්ඡාවකටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වනු ඇත.








