FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කොළඹ හා හෝකන්දර යන ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 16 ක කාලයක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කර සිටියි.

එ අනුව නඩත්තු කටයුත්තක් සඳහා කොළඹ 03,04,05,06 ‍හා හෝකන්දර මෙසේ ජලය සැපයිම අත්හිටුවන බව එම නිවේඳනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

එසේම එම කාල සීමාව තුළ කොළඹ /දෙහිවල – ගල්කිස්ස/කොට්ටේ/ කඩුවෙල යන මහ නගර සභා සීමා තුලත්, මහරගම/ බොරලැස්ගමුව/ කොළොන්නාව යන නරග සභා සීමා තුළත්, කොටිකාවත්ත / මුල්ලෙරියා ප්‍රාදේශිය සභා සීමා තුළත් රත්මලාන හා සොයිසාපුර යන මහල් නිවාස සංකීර්ණ වලටත් අඩු පීඩනයක් යටත් ජලය සැපයෙන බව එම නිවේදනෙයන් කියැවෙයි.