FAST NEWS

24×7 Around the Globe

හේමසිරිට හා පුජීත්ට එරෙහි පෙත්සම අගොස්තු 01 වැනිදාට කල් තැබේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය යළි සලකා බැලීම අගෝස්තු මස 01 වැනිදා දක්වා කල් තැබිමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය සලකා බැලීමේ අවස්ථාවට පැමිණ සිටි බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව සඳහන් කරමින් නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය ගොනු කරනු ලැබුවේ පසුගිය 18 වැනිදාය.