(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටි තැපැල් සේවකයින් ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් එම වර්ජනය අවසන් කළහ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩ ගැසී ඇති ලිපි බෙදා හැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට දින දෙකක් හෝ තුනක කාලයක් ගත වනු ඇති බවයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 05 කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් වාර්තා වෙයි.
ඉදිරි සති දෙක තුළ සේවක ගැටලු සඳහා නිසි විසදුම් හිමි නොවුනහොත් අඛන්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වන බවත් එහි කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.








