FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටිය නැවතුමෙන් ආරම්භ කෙරෙන පෞද්ගලික බස් වර්ජනයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කෙටි කාලයක සිට ධාවනය වන ලියාපදිංචි නොකළ බස් රථ හේතුවෙන් තමන්ට සිදුව ඇති පාඩුව හේතුවෙන් ඇල්පිටිය බස් නැවතුමෙන් ගමන් ගන්නා සියලූම පෞද්ගලික බස් රථ අද (23) උදෑසන සිට බස් වර්ජනයකට එක්ව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ‍ඇල්පිටිය බස් නැවතුමෙන් ධාවනය වන පෞද්ගලික බස් රථ 60 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව අප ඇල්පිටිය වාර්තාකරු පවසයි.

ලියාපදිංචි නොකළ බස් රථ මඟින් ජනතාව හිතුමතේ රැගෙන යන බවත්,එය කිසිදු වගකීමකින් තොර හා අවසරයින් තොර ක්‍රියාවක් බව ‍පෞද්ගලික බස් රථ රියදුරෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් මගී ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර ඇති බවත්, එයට නිසි පිළිතුරක් හිමිවන තෙක් මෙම වර්ජනය සිදු කරන බවත් ඔවුහු වැඩි දුරටත් කියති.