(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශ අපද්‍රව්‍ය සහ කැළි කසල ආනයනය කිරීම තහනම් කිරීමේ නීති රාමුවක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් පනවන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.
එහි වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.
මෙලෙස කැළි කසල විදේශයක සිට මෙරටට ආනයනය කිරීම නීති විරෝධී බව පෙන්වා දෙන එම සංවිධානය අපද්‍රව්‍ය ආනයනය කළ පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීමට බලධාරීන් මේ දක්වා කටයුතු කර නොමැති බවට ද චෝදනා කරයි.
විදේශවල සිට කසළ ආනයනය කිරීම තුළින් මෙරට පරිසර පද්ධතියට විශාල අගතියක් මෙන්ම මහජන සෞඛ්‍යයට ද විශාල හානියක් සිදුවන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.
එමෙන්ම දැනට ආනයනය කොට තිබෙන රෝහල් අපද්‍රව්‍ය සා කැළි කසල වෙනත් ස්ථාන වලට බැහැර කිරීමෙන් වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන මෙන් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.








