(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයහපත් කාලගුණය ලබන 24 දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හගවා ඇති බැවින් ධීවර රැකියාව සදහා යන සියළු ධීවරයින් වෙනුවෙන් හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක් අද (22) සිට ලබාදීමට කටයුතු කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම උපදෙස් මාලාව පිළිපැදීම අනිවාර්ය බවයි.
අදාළ උපදෙස් මාලාව,
01 ධීවර රැකියාව සදහා යන සියළු ධිවරයින් ජිවිත ආරක්ෂක කබා පැළද සිටීම අනිවාර්ය වේ.
02 ගුවන් විදුලි පණිවිඩ යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබීම අනිවාර්යය.
03 වෙනත් රටවල මුහුදු ප්‍රදේශවලට ඇතුළු වීමෙන් වැලකි සිටිය යුතුය.
04 නොදැනුවත්ව හෝ වෙනත් රටක මුහුදු ප්‍රදේශයකට ඇතුළු වුයේ නම් එය දැනගත් වහාම ආසන්නම සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත කඩිනමින් දැනුම් දීම.
05 අත්‍යවශ්‍ය බෙහෙත් ළග තබා ගැනීම අනිවාර්යය.
06 සෑම පැය දෙකකට වරක් ගොඩබිම සමග සබදතා පවත්වා ගැනීම අනිවාර්යය.
මෙම උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස සියළු ධිවර ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එය ධීවර ජනතාවගේ ආරක්ෂාව සදහා ඉතාම වැදගත් බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය.








