FAST NEWS

24×7 Around the Globe

කළගෙඩිහේනේ සිදුවීමට අදාළව ගණිත දේශකවරයා අධිකරණයට භාර වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ – නුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට පහර දුන් සිද්ධියට අදාළව ගණිතය විෂය සඳහා අමතර පන්ති පවත්වන ගුරුවරයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා ඇතුළු අට දෙනෙක් අද (22) පෙරවරුවේ උසාවියට භාර වීමෙන් අනතුරුව ජූලි 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අදාළ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට ප්‍රභූ රථ ලෙස සැළකෙන ජීප් රථයකින් සහ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ සිදු කළ පහර දීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට පසුගියදා නියෝග කළේය.

පසුගිය 18 දින ප්‍රාඩෝ වර්ගයේ සුදු පැහැති ජිප් රථයක් සහ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක් විසින් මෙසේ වෑන් රථයකට පහර දී තිබුණි.