FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම අගෝස්තු 06

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ශියාබ්දින් විසින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු 06 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීරණය කළේය.

මෙම පෙත්සම අද විනිසුරු බුවනෙක අලූවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ පී‍්‍රති පද්මන් සූරසේන හමුවේ කැදවනු ලැබූ අතර මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ පවසා සිටියේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති අනෙකුත් වගඋත්තරකරුවන් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේ මෙම පෙත්සමේ ඇතැම් වගඋත්තරකරුවන්ට මෙතෙක් නොතීසි ලැබී නොමැති බවයි.

ඒ අනුව අදාල පෙත්සම සලකා බැලීම කල් දමනු ලැබීය.