FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පළාත් සභාවට නව මන්ත්‍රීවරු දෙදෙනෙක් දිව්රති.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් ලෙස පියසිරි ගවරම්මාන හා හිදායිත් සත්තාර් යන මහත්වරු මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය ඉදිරියේ අද (09) දිවුරුම් දෙනු ලැබූහ.

ගවරම්මාන මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කැරමින්ද සත්තාර් මහතා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කැරමින්ද පළාත් සභාව නියෝජනය කිරීමේ වරම් හිමිකර ගත්හ.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන්වූ කේ.කේ පියදාස මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද වී.වේළුකුමාර් මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන්ද පසුගිය මහ මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තු වරම් හිමිකර ගැනීම නිසා පුරප්පාඩුවූ මන්ත්‍රී ධූර දෙක සඳහා මනාප ලැයිස්තුවේ පිළිවෙළ අනුව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා පත්කළ බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සුරංගනී ‍එල්ලාවල මහත්මිය පැවසුවාය.