FAST NEWS

24×7 Around the Globe

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අද (22) පෙරවරුවේ ඔහු පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 18 වනදා ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහරදී තිබේ.