FAST NEWS

24×7 Around the Globe

රූමස්සලදී අනතුරටපත් නෞකාවේ ඇති ඉන්ධන ඉවත් කිරීම යලි ඇරඹේ

(ෆාස්ට්නිව්ස් |ගාල්ල) – ගාල්ල, රූමස්සල කඳු වැටිය ආසන්නයේ ගල් පර්වතයක හැපී අනතුරට පත්ව ඇති භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවේ ඉන්ධන ඉවත් කර ගැනීමේ කටයුතු අද (22) දිනත් සිදු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා මහතා පැවසුවේ “ග්ලෝරි ටූ ගෝ” නෞකාව රූමස්සල කඳු වැටිය ආසන්නයේදී ඉන්ධන ටොන් 15 ක් සමග අනතුරට ලක්වුණි.

ඒ පසුගිය 18වැනිදාය.

පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මෙහි ඉන්ධන ඉවත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල විය.

මේ අතර ඊයේ (21) දිනයේදී පොම්පවල සිදුවූ දෝෂයක් හේතුවෙන් ඉන්ධන ඉවත් කිරීම තාවකාලිකව නතර කිරීමට සිදුවු බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පැවසීය.