FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවකයන් පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තැපැල් වෘත්තිය සමිති ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ‍වෙයි.

ඉල්ලීම් කීපයක් මුල්කරගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අද (22) පස්වරුවේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කරන බව තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා පැවසීය.