FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් කොංග්‍රසය අද අගමැති හමුවෙයි

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් අද (22) අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට සුදානමින් සිටි.

ඒ යළි අමාත්‍යධූර භාර නොගැනීමට ගත තීරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමටයි.

ඊයේ (21) රැස්වූ මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය යළි අමාත්‍යධූර භාර නොගෙන ආණ්ඩුවට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු නැගෙනහිර පළාතේ මුස්ලිම් වැසියන් මුහුණ දෙන ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සඳහා විසඳුම් ලබා ගැනීමටය.

ඒ අනුව එම කොන්දේසි මාලාව සම්බන්ධයෙන් අද දිනයේ අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට තීරණය කර ඇති බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.

අග‍්‍රාමාත්‍යවරයා හමුවීමට පෙර අමාත්‍යධූර ප්‍රතික්ෂේප කල සෙසු මුස්ලිම් මන්තී‍්‍රවරුන් සමග ද සාකච්ඡා කරන බව  ඔහු ප‍්‍රකාශ කළේය.