FAST NEWS

24×7 Around the Globe

ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් යළි දිවුරුම් දෙන දිනය කියයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් සියලු දෙනා විදෙස්ගතව සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා දිවයිනට පැමිණි පසු යළි එම ධුරයන්හි දිවුරුම් දෙන බව අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා මහනුවර පැවැති මාධ්‍ය හමුවකින් පසුව අදහස් දක්වමින් සදහන් කළේය.

රිෂාඩ් බදියුදින් මහතාට එරෙහි චෝදනා සනාථ වී නොමැති බව පොලිසිය විසින් දන්වා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කළ බවත් , ඒ මහතා ද යළි අමාත්‍යධුර භාර ගන්නා පිරිසට අයත් බවත් හලීම් මහතා අවධාරණය කළේය.

එසේම දැනට කතා බහට ලක්වන මුස්ලිම් විවාහ නීති සංශෝදනයන් ද ඉදිරියේදී සිදුවනු ඇති බව අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා අවධාරණය කළේය.