FAST NEWS

24×7 Around the Globe

උඩවලවෙට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  උඩවලව ජාතික වනෝද්‍යානයට සූරියවැව – හම්ඹේගමුව ප්‍රදේශයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු බෝ 12 හේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී ගිනි අවියට අමතරව ඊට යොදා ගන්නා උණ්ඩ 02 ක් සහ හිස් කොපු දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.‍

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා උඩවලව වනජීවි සංරක්ෂණ කාර්යාලයට භාර දී ඇත.