FAST NEWS

24×7 Around the Globe

තෙමසකට පසු යළිත් විවෘත වූ කටුවාපිටිය දෙව් මැදුර

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) යළි විවෘත කරනු ලැබීය.

දිව්‍ය පූජාව අද (21) පෙරවරු 08 ට ආරම්භ කළ අතර, මිය ගිය පිරිස වෙනුවෙන් දේව දූතයන් 114 ක් පිරිවරාගෙන කාදිනල්තුමන් ප්‍රමුඛ කොටගෙන දේවස්ථානයට ඇතුළු වන බවත් , නැවත දේවස්ථානය දෙවියන් වෙනුවෙන් කැප කිරීමක් සිදු කරන බවත් කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා සඳහන් කළේය.

මෙහිදී රජයේ අනුග්‍රහය ඇතිව නිවාස ඉදි කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවීමට සැළසුම් කළ බව පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.