FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණිය සරසවියේ කළමණාකරණ පීඨය දින නියමයක් නොමැතිව වැසෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය අද (19) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය තිරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව එම පීඨයේ සියලුම සිසුන් අද (19) පස්වරු 06 ට පෙර විශ්ව විද්‍යාල භුමියෙන් ඉවත් විය යුතුය.

විශ්ව විද්‍යාලය තුළ සී. සී. ටි. වී. සවි කිරිම සම්බන්ධව කළමණාකරණ පීඨයේ සිසුන් අරගලයක යෙදි සිටින බවත් මේ සම්බන්ධව දෙපාර්ශවයම සමග සාකච්ඡා කළඳ විසදුමක් නොමැති වීම හේතුවෙන් මෙසේ කළමනාකරණ පීඨය වසා දැමීමට තීරණය කර ඇති බව එම නිවේද‍නයෙහි සඳහන් වෙයි.

මේ සම්බන්ධව තව දුරටත් සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම සඳහාත් කළමණාකරණ පීඨය විසඳුමකට පැමිණෙනතුරුත් කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමූ බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.