FAST NEWS

24×7 Around the Globe

වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ඇතුලු 04 කට අධි චෝදනා

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  නිසි බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (19) අධි චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියක වන ප්‍රියන්කා සංජීවනී සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු වශයෙන් පෙනී සිටි චන්ද්‍රරත්න බණ්ඩාර යටවර යන අය නම් කර ඇත.

ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් පොදුදේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අධිචෝදනා 25 ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.