FAST NEWS

24×7 Around the Globe

ආහාර විෂවීමකින් 24 දෙනෙකු රෝහල් ගත කෙරේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ත්‍රිකුණාමලය – පුල්මුඩේ ප්‍රදේශයේ දී ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඒ අතරට වැඩිහිටියන් 17 දෙනෙකු සහ ළමයින් හත් දෙනෙකු ද වන බවත් , ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මංගල උත්සවයකදී ලබාදුන් ආහාර වගයක් මෙලෙස විෂ වීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.