(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව තුළ රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන ලංකාවේ සියලු දරුවන්ට වසර 13 ක පාසල් අධ්‍යාපනයක් ලබාදීම අනිවාර්ය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව 2017 වසරේ සිට හඳුන්වා දී තිබෙන ජාතික වැඩසටහනකි.
අනාගත වැඩලෝකයට ගැළපෙන මානව සම්පත් මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම අරමුණු කරගනිමින් උසස් පෙළ විෂය ධාරාවට අලුතින් හඳුන්වා දී ඇති වෘත්තීය විෂය ධාරාව යටතේ වසර 13ක සහතික කළ අධ්‍යාපනයක් ලැබීමට මේ අනුව සිසුන්ට අවස්ථාව සලසා දී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය කවරක් වුව ද, මෙම විෂයධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඕනෑම සිසුදරුවෙකුට අවස්ථාව සලසා තිබීමයි.








