(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල හමුවක් පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වයන් පිළිබදව විශේෂ අවධානයක් යොමු කිරීම මෙහි අරමුණ බව පැවසේ.
මේ අතර, තැපැල් සේවකයන් වර්ජනයේ නිරත වෙමින් ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වනු ඇති බවද පැවසේ.
එමෙන්ම, වතු කම්කරුවන්ට රුපියල් 50ක දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබද පත් කළ ඇමති අනු කමිටුවේ වාර්තාවද අද (19) දිනයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කියැවෙයි.








