FAST NEWS

24×7 Around the Globe

මහනුවර දිස්ත්‍රික්කයේද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 කට නායයාමේ අනතුරු ඇඟවිම්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මහනුවර දිස්ත්‍රික්කයේද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මධ්‍යම කඳුකරයට ඊයේ (18) උදෑසන සිටම ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව මීට හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් මෙම අනතුරු ඇඟවිම් නිවේදනය කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දොළුව,ගඟවට කෝරළය, උඩදුම්බර, සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත ප්‍රදේශ නායයෑමේ අවදානම් ප්‍රදේශ වශයෙන් හඳුන්වාදී තිබේ.

මෙම ප්‍රදේශවල පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 සිට මිලි මීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඉදිරියේදීත් වැස්ස තවදුරටත් පවතීනම් නායයාමේ අවදානම ගැන වඩාත් අවධානයෙන් සිටින ලෙසත් ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටියි.