(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මහනුවර ඓතිහාසික ශ්‍රි දළඳා මාලිගයේ ඇසල මංගල්‍යය ලබන මස 02 කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ කෙරෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල මහතා පැවසුවේය.
කුඹල් පෙරහැර අගෝස්තු 05 වනදා සිට 09 වනදින දක්වා පැවැත්වෙන බවක් ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේදී එ මහතා පැවසුවේය.
රන්දෝළි පෙරහැර අගෝස්තු 10 වනදා ආරම්භ වන අතර අවසන් රන්දෝළි මහා පෙරහැර අගෝස්තු 14 වනදා වීදි සංචාරය කිරිමට නියමීත බව හෙතෙම පැවසීය.
15 වනදා උදෑසන දිය කැපීමේ මංගල්‍යය සිදුකර, දිවා පෙරහැර ගෙවදීමෙන් පසු ඇසළ මංගල්‍යයේ කටයුතු නිමාවට පත් කෙරෙයි
මේ අතර සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිළංග දෑල මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.








