(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමීෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතාව ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමීන් සිටියදි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය
ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක රෝහල් ගත වෙයි !
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා රෝහල් ගතවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් හත් දෙනාගෙන් අයෙකි.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා සමන් දිසානායක මහතා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබුණු අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) එම අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කළේය.








