(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ චෝදනා සංශෝධනය කළ යුතු තත්ත්වයක පවතින්නේ නම් ඒවා සංශෝධනය කිරීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට පෙන්වා දුන්නේය.
මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 33 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.
අදාළ නඩුවේ චෝදනා ගොනුකළ ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් සහ අදාළ නඩුව විභාගයට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට බලයක් නොමැති බව පවසා තමන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ අභියාචනාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) කැඳවනු ලැබීය.
එහිදී එම අභියාචනා සළකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස 09 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට ඊට අදාළ කරුණු දක්වන ලෙස දෙපාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.








