FAST NEWS

24×7 Around the Globe

තැපැල් වර්ජනය අද (18) සවස 4.00 ට අවසන් කෙරේ

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පෙරේදා (16) සවස 4.00 සිට ක්‍රියාත්මක තැපැල් සේවක වැඩ වර්ජනය අද (18) සවස 4.00 පසු අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමු‍ණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (17දා) දිනයේදී සියලු තැපැල් කාර්යාලවල කටයුතු ඇනහිටි බව ඔහු කීය.

එසේම නව සේවා ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කර ගැනීමටත්, ඇති වී තිබෙන වැටුප් හා උසස්වීම් ගැටලු විසඳා ගැනීමටත් මෙම ක්‍රියා මාර්ග දියත් කළ බවද ඒ මහතා පවසා සිටියේය.

මධ්‍යම තැපැල් හුවමාරුවට ලිපි භාර ගැනීම හා මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ලිපි බෙදාහැරීම් කටයුතු සිදුනොකළ බවත්, අද (18) දින සවස 4.00 වනතුරු මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

මෙම ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී අඛණ්ඩව වැඩ වර්ජනයක් සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.