FAST NEWS

24×7 Around the Globe

දළදා සමිඳුන්ගේ තේවා කටයුතු අස්ගිරි පාර්ශවයෙන් මල්වතු පාර්ශවයට පැවරෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දළදා සමිඳුන් උදෙසා දෛනිකව සිදුකරන තේවාව සිදුකිරීමේ වගකීම ඉදිරි වර්ෂය සඳහා අස්ගිරි පාර්ශවයේ සිට මල්වතු පාර්ශවය වෙත පැවරීම පෞරාණික චාරිත්‍රානුකූලව අද (17) ශ්‍රී දළදා මාළිගාවේදි සිදු කෙරුණි.

මෙම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසුව සිදු කරනු ලබයි.

පසුගිය වසර පුරා එම කටයුතු ඉටු කරනු ලැබුවේ අස්ගිරි පාර්ශවය විසින් වන අතර , මෙම අවස්ථාවට මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහානා හිමිවරුන් සහ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරුන් මෙන්ම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහභාගිවී සිටියහ.