FAST NEWS

24×7 Around the Globe

ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 09 ක ජල කප්පාදුවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) දිනයේ පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයීම අත්හිටුවනු ලැබේ.

ඒ අනුව, පෙරවරු 08 සිට පස්වරු 05 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටයි.

එමෙන්ම වත්තල, පෑලියගොඩ, කටුනායක – සීදුව සහ ජාඇල නගර සභා බල ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.