FAST NEWS

24×7 Around the Globe

ලංගම සේවකයින්ට උසස් වීම් හා වැටුප් වර්ධන වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට උසස් වීම් හා වැටුප් වර්ධන ප්‍රදානය කිරීම වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගය අගෝස්තු මස 29 වනදා දක්වා බල පැවැත්වෙනු ඇති අතර , ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ නියෝගයේ ඒ බව සඳහන් වේ.

ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම්කාර වෘත්තීය සමිතිය අධිකරණය හමුවේ කියා තිබුණේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ඇතැම් සේවකයින්ට සම්මත පටිපාටියට පරිභාහිරව උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීම හේතුවෙන් තම සංගමයට පමණක් නොව සෙසු සේවකයින්ට ද දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.