(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යාමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් අද (17) පස්වරු 5.30 සිට ලබන 20 වනදා අලුයම 05.30 තෙක් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙනු ලබයි.
මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර විමසිල්ලෙන් පසුවන ලෙස නාවික ප්‍රජාවටද දැනුම් දී තිබේ.








