(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සාමකාමී රැස්වීම සඳහා වන නිදහස පිළිබඳ ජගත් සංවිධාන නියෝජිත ක්ලෙමන්ට් යලෙට්සොසි මහතා දින 09 ක නිල සංචාරයක් සඳහා හෙට (18) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
මෙහිදී උතුරු , දකුණු සහ නැගෙනහිර පළාත්වල සංචාරය කිරීමටත් , රජයේ සිවිල් සංවිධානවල සහ වෘත්තීය සමිති නියෝජිතයන් මුණගැසීමටත් ජගත් සංවිධාන නියෝජිතයා සූදානමින් සිටියි.
ස්වාධීන ආයතන බලාත්මක කිරීම හා සත්‍ය සහ ප්රතිසන්ධානය හරහා ශ්‍රී ලංකාව මේ වනවිට සාර්ථක පියවර රැසක් ගෙන ඇති බවත් යලෙට්සොසි මහතා පවසයි.
ශ්‍රී ලංකා සංචාරය අළලා සකස් කල පූර්ණ වාර්තාවක් ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමටත් ඔහු සූදානමින් පසුවන බව වාර්තා වෙයි.








