(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) දිනයේදී දිවයිනේ දකුණු අර්ධය වලාකුලින් බරව පවතින බවත් , නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ජූලි 19 වනදා දක්වාත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම , වයඹ, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 පමණ දක්වා තරමක් තද සුළං ද ඇති විය හැක.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.








