(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් විසින් ඊයේ පස්වරු 4.00 සිට ආරම්භ කරනු ලැබූ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ලිපි බෙදීමේ කටයුතුවලට බාධා මතුව තිබේ.
තම ඉල්ලීම්වලට කඩිනමින් විසදුම් නොලබුනහොත් ඉදිරි සතිය තුල දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කළේය.
කෙසේවෙතත් , අදාල ගැටලු විසදීමට තැපැල් විෂය භාර අමාත්‍යවරයා හෝ පාලනාධිකාරියේ කිසිවකු මෙතෙක් මැදිහත් වී නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්දක බණ්ඩාර මහතා පැවසීය.








