FAST NEWS

24×7 Around the Globe

රුහුණු සරසවියේ තාවකාලිකව වැසුණු පීඨ 03 ක් අද සිට යළි විවෘතයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තාවකාලිකව වසා දැමුණු රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් අද (17) යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.

එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සූජීව අමරසේන මහතා සඳහන් කළේ ඒ අනුව විද්‍යා පීඨය, පශ්චාත් උපාධි පීඨය සහ සාගර විද්‍යා තාක්ෂණ පීඨය මෙසේ විවෘත කරන බවයි.

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහ අනධ්‍යයන සේවකයින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය පසුගිය 10 වනදා සිට තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.