FAST NEWS

24×7 Around the Globe

ඩෙටනේටර් තොගයක් සමග තිදෙනක් පිළියන්දලදී අල්ලයි

(ෆාස්ට් නිව්ස් |කොළඹ) –  යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී  පිළියන්දල හැදිගම සිරිපැරැල්ලගහ වත්ත සහ පහළවත්ත යන ප්‍රදේශවල නිවාස දෙකක තිබී ඩෙටනේටර් 297 සහ සේවා නූල්  290 ක් සොයාගෙන තිබේ.

මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ පිළියන්දල පොලිසිය, කොහුවල යුද හමුදා කඳවුරේ සහ මත්තේගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.

මේත් සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කරයි.