FAST NEWS

24×7 Around the Globe

සම්මානනීය ඔබ නැතුව ඔබත් එක්ක වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටයක්ද ?

ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ අලුත්ම චිත්‍රපටය ඔබ නැතුව ඔබත් එක්ක චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල් වල තිරගත වෙනවා. මෙම අවස්ථාව ලබා ගැනීමට අධ්‍යක්ෂකවරයාට සිතන තරම් පහසු කාර්යක් නොවූ බවයි අපට වාර්තා වුනේ. අප මේ පිළිබදව ප්‍රවීණ අධ්‍යක්ෂන ප්‍රසන්න විතානගේ ගෙන් විමසා සිටියා.

“ලංකාවේ තත්ත්වේ ඕක තමයි. චිත්‍රපටයක් අපි නිර්මාණය කරනවාට වඩා කාලය වැය කරන්න වෙන්නේ හුගක් වෙලාවට චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න සටන් කරන්න. ඉතිං මේ චිත්‍රපටය රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය වාචිකව මට ලැබුනත්, පසුව දැනුම් දුන්නා යම් යම් දර්ශන වගයක් ඉවත් කරන්න. යම් යම් වචන වගයක්. ඉතිං මං එකග වුනේ නැහැ. එකග වුනා නම් ඔබට කිසිම තේරුමක් නැති රූප රාමු පෙළක් විතරයි දකින්න හම්බවෙන්නේ. ඉතිං ඒ නිසා මං නව රැගුම් පාලක මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කළා. ඒ අභියාචනය අනුව තමයි මේ චිත්‍රපටයට මේ ප්‍රදර්ශන වරම ලැබුනේ. ඒ කිසිදු දර්ශනයක් හෝ දෙබස් ඛණ්ඩයක් කපන්නේ නැතුව. මේක වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් නෙමෙයි. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන එකෙන් අදහස් කරන්නේ එහි තේමාව වැඩි තේමාවක් බවයි. රට රටවල් වල චිත්‍රපට ප්‍රදර්ශනය කරා, සම්මාන ලැබුනා, අවසානයේ මම හිතන්නේ තමන්ගේ රටේ ජනතාව ඒ චිත්‍රපටයට දක්වන ප්‍රතිචාරය අධ්‍යක්ෂකවරයෙකුට වැදගත්.”

[youtube url=”https://www.youtube.com/watch?v=6ZV1tJgv9KE” width=”560″ height=”315″]