FAST NEWS

24×7 Around the Globe

මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් සහ විදේශීය ශිෂ්‍යත්ව ක්‍රමයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් සහ විදේශීය ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැවති මිරිදිය ධීවර හා ජලජීවී වගා තාක්ෂණික සමුළුවට එක් වෙමින් අමාත්‍යවරයා අද (15) මේ බව සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

” කරදිය ධීවරයන් මෙන්ම මිරිදිය ධීවරයන් ද රක්ෂණය කළ යුතුයි. මම ඒ සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වසරේ මිරිදිය ධීවරයන්ව රක්ෂණය කිරීමට ද කටයුතු කරනවා. දළ දේශීය නිෂ්පාදනයට දායක වෙමින් මේ ධීවරයන් කැප වුණත්, වයසට ගියාම ඉතුරු වෙන්නේ ඔරුවයි, දිරාගිය කොල්ලෑවයි විතරයි. ඒ නිසා මම මේ ධීවරයන්ටත් විශ්‍රාම වැටුපක් යෝජනා කරනවා.

අපේ රටේ ධීවරයින්, ධීවර සමිතිවල නිලධාරීන් පිට රටවල තාක්ෂණික දැනුම බෙදාගන්න විදේශීය ශිෂ්‍යත්ව ධීවරයන්ටත් ලබා දෙන්න අවශ්‍යයි කියලා ධීවර දෙපාර්තමේන්තුවට කිව්වා. අපි බලාපොරොත්තු වෙනවා ධීවරයන් බංගලාදේශයට, තායිලන්තයට යවන්න, මේ තාක්ෂණය ඉගෙන ගන්න “