FAST NEWS

24×7 Around the Globe

සරණට ඇප දෙයි – නඩුව සමථ මණ්ඩලයට යයි.

මහ මැතිවරණයට තරග කළ සිය බිරිඳට සහාය වෙමින් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී තරුණයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රුපියල් 50,000 බැගින් ඇප දෙකක් මත මුදා හළ ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා නඩුව සමථ මණ්ඩලයට යොමු කළේය.