(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වේයන්ගොඩ වඳුරව දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 45 ක් පමණ වන පියෙකු සහ ඔහුගේ 11 හැවිරිදි වියේ පසුවන දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ යතුරුපැදිය ගැටීමෙන් අද (15) පෙරවරු 06.45 ට මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මොවුන් රද්දොළුගම ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර , දානමය පිංකමක් සඳහා පැමිණ අද පෙරවරුවේ දියණිය විභාගයක් සඳහා කැඳවාගෙන යමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි වාර්තා වන්නේ.








