FAST NEWS

24×7 Around the Globe

අසත්‍ය තොරතුරු දුන් පුද්ගලයෙකු ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇල්ල ප්‍රදේශයේදී පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමේ සැලැස්මක් ඇති බවට අසත්‍ය තොරතුරක් ලබාදුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගත් මොහු 57 හැවිරිදි වියේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

පසුගිය 12 වනදා පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමේ සැලැස්මක් පවතින බවටත් එය පිටකොටුව ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුළ දී පුද්ගලයින් 8 දෙනෙකු එක්ව සැලැසුම් කරන බවටත්, අදාළ පුද්ගලයා විසින් 119, පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලබාදී තිබුණේය.