FAST NEWS

24×7 Around the Globe

බදුල්ලේ දිය නෑමට ගිය කාන්තාවක් සැඩ පහරකට හසුවේ අතුරුදන් වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බදුලූ ඔයේ දිය නෑමට ගිය කාන්තාවක් සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ .

මෙලෙස අතුරුදන්වී ඇත්තේ තල්දෙන – බෝලියද්දවත්තේගෙදර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්.

ඊයේ (13) පස්වරුවේ මෙම කාන්තාව දිය නෑම සඳහා බදුලූ ඔයේ අක්කාවල නැමති ස්ථානයට ගොස් ඇත.

බදුල්ල පොලිසිය ඇය සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර, අද (14) උදෑසන වනවිටත් කිසිදු තොරතුරක් ලැබී නොමැත.