FAST NEWS

24×7 Around the Globe

කොටහේනදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටහේන – සංඝමිත්තා මංසන්ධියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 151 ක් පොලිස් භාරයට ගත් බවයි

ඊයේ (13) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදියි

සැකකරුවන් කොටහේන පොලීසියට වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.