FAST NEWS

24×7 Around the Globe

දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකරන වැටලීම්වලදී අයකරගත් දඩ මුදල ලක්ෂ 53ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කළ මගීන්ගෙන් රුපියල් දහසය ලක්ෂ 41,835 ක දඩ මුදලක් අයකරගෙන තිබෙන බව  දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය මාස 6 ක කාල සීමාව තුළ සිදුකරන වැටලීම්වලදී මෙතරම් දඩ මුදලක් අය කරගත් බවත්, තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන පළමු පන්තියේ මැදිරිවල ගමන් කළ මගීන්ගෙන් රුපියල් 34 ලක්ෂ තුන්සිය අනූහයක දඩ මුදලක් අයකරගත් බවයි.

කෙසේ වෙතත්, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දුම්රිය මගීන්ගේ ආරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමුකිරීමත් සමඟ ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරන මගීන් සොයා සිදුකරන වැටලීම් අඩුවී තිබේ.