(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය ජූලි මස 15 වැනිදා පැවැත්වීමට නියමිත බව නුවරඑළිය මහ රෝහලේ අධ්යක්ෂ ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසීය.
නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදිකල මෙම රෝහලට ඇදන් 600 කින් සමන්වීත වාට්ටු සංකිර්ණයකින් යුතුය.
නවීන තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහිතව අංග සම්පුර්ණව ඉදිකර ඇති මෙම රෝහල සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 07 ක් පමණ වන බව අධ්‍යක්ෂකවරයා කියයි.








