FAST NEWS

24×7 Around the Globe

දෙමළ පක්ෂ තුනක් සන්ධාන ගත වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දෙමළ දේශපාලන පක්ෂ තුනක් සන්ධානගත වෙයි.

මෙලෙස සන්ධානගතව ඇත්තේ ආරුමුගම් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සටන්කරුවන්ගේ පක්ෂයයි.

ඊට අදාල එකඟතා ගිවිසුමට කොටගලදී අද (11) අත්සන් තබනු ලැබීය.