FAST NEWS

24×7 Around the Globe

තැපැල සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  තම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ලබන 22 වන දින එක්දින සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

පසුගිය වසරේ ජුනි මාසයේ මේ සම්බන්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් කල බවත් එයට විසදුමක් ලෙස වැටුප් හා සේවක සංඛ්‍යානු කොමීසන් සභාව හා එක්ව විසදුමක් ලබා දුන්නට එය තවමත් ක්‍රියාත්මක නොවු බවද ලේකම්වරයා පෙන්වා දෙයි.

ඒ අනුව තැපැල්පතිවරයා සමඟ එළඹෙන 15 වැනිදා පැවැත්විමට නියමීත සාකච්ඡාවේදි නිසි විසදුන් නොලැබුන හොත් අසනීප නිවාඩු වාර්තාකර 22 වැනිදා සංඛේත වැඩ වර්ජනයක් සිදු කරන බව ඔහු වැඩිදුරටත් කීය.